FAST NEWS

24×7 Around the Globe

කොරෝනා පාලනය කිරීමට සමත්වූ බව කියුබානු රජය කියයි

(ෆාස්ට් නිව්ස් |කොවිඩ් 19) – කොරෝනා වසංගතය මේ වන විට තම රට පාලනය කර ඇතැයි කියුබානු රජය සඳහන් කරයි.   

එබැවින් ලබන සතියේදී නිරෝධායන සීමා ළිහිල් කිරීමට පියවර ගන්නා බවද එරට රජය පවසයි.

කියුබාවෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 2200 ට ආසන්න වන අතර , මරණ 83 ක් වාර්තා වී ඇත.

කෙසේවෙතත් නැවත වරක් වෛරසය ව්‍යප්ත වීමේ අවස්ථා පාලනය කිරීමට සියළු පියවර ගන්නා බව කියුබානු රජය අවධාරණය කරයි.

මීට අමතරව, ගතවු දෙසතිය පුරා දේශීය වශයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමුනොවූ බව තායිලන්තය පවසයි.

එහෙත් වෙනත් රටවලින් පැමිණි පිරිස් අතර ආසාදිතයින් 77 දෙනෙකු හමුවු බව තායි බලධාරීන් සඳහන් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.