FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ 04 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 04 ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.   

ලොව පුරා සිදුව ඇති කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 400,012 ක්.

වැඩිම මරණ ප්‍රමාණයක් මේවන විට වාර්තාවී ඇත්තේ ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව 111,658 ක්.

මරණ 35211 ක් වාර්තා කරමින් ලොව දෙවන තැන මේවන විට පසුවන්නේ බ්‍රසීලයයි.

කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩි වශයෙන් හමුවී ඇති තුන්වන රට වන්නේ රුසියාවයි.

එරට ආසාදිතයන් ගණන 458,689 ක් වන අතර , සිදුවූ මරණ සංඛ්‍යාව 5725ක්.

ආසියානු කලාපීය රටවල් අතරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් හමුවී ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 245,962 ක්.

ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිත මරණ 6933 ක් සිදුවී ඇති අතර අද දිනයේ පමණක් මරණ 204 ක් වාර්තාවී තිබෙනවා.