අසභ්‍ය වීඩියෝපට චෝදනාවකට මල්ෂාගේ ජංගම දුරකථනය CIDය භාරයට

අසභ්‍ය වීඩියෝපට චෝදනාවකට මල්ෂාගේ ජංගම දුරකථනය CIDය භාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංගගේ ජංගම දුරකථනය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් නියෝගයක් මත සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ඇය ඊයේ(19) එම දුරකථනය ලබාදී  ඇත.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ පටයකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදු කරනු ලබයි.

එහිදී කාවින්ද ජයවර්ධන චෝදනා කර ඇත්තේ එම වීඩියෝ පටය මල්ෂා කුමාරතුංගගේ ජංගම දුරකථනය මගින් බෙදාහැරුණු බවටය.

CATEGORIES