රාජිත අසනීපෙන්

රාජිත අසනීපෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අසනීපව ඇති බව වාර්තාවේ.

ඒ ඊයේ ඔහු කොළඹ සිට මීගමුව දක්වා බන්ධනාගාර බසයෙන්  රැගෙන යාම නිසා කොන්දේ අමාරුවක් ඇති වීම හේතුවෙනි.

පෙර පැවති යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙක්ව සිටියදී ඔහු මාධ්‍ය හමුවකදී කියා සිටියේ සුඛෝපභෝගී වාහන නොමැතිව ඇමතිවරුන් ගමන් ගියහොත් කොන්දේ අමාරු සෑදෙන බවයි.

තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් හිටපු ඇමැති රාජිත සේනාරත්න විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට ලබාදුන් ඇප නියෝගය කොළඹ මහාධිකරණය විසින් අවලංගු කිරීම කිරීමේ නියෝගය අවලංගු කරන ලෙස ද ඔහු එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

හිටපු අමාත්‍යවරයා දෙසතියක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව මීගමුව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

CATEGORIES