FAST NEWS

24×7 Around the Globe

සියළු වාහනවල මිල ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියළු වාහනවල මිල සියයට 10ත්, 15ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඊයේ (29) පවසයි.

ඒ ජපානයෙන් සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමත් සමඟයි.

එහි සභාපති රන්ජන් පීරිස් සඳහන් කළේ මේ හේතුවෙන් මෙතෙක් සුඛෝපභෝගී බද්දට යටත් නොවූ එන්ජින් ධාරිතාව දහසට අඩු කුඩා වාහනවලට ද එම බද්දට යටත් වීමට සිදුව ඇති බවයි.