මාකඳුරේ මධුෂ් නිසා පුස්තකාල සහායකවරියකට වැඩ වරදියි..

මාකඳුරේ මධුෂ් නිසා පුස්තකාල සහායකවරියකට වැඩ වරදියි..

(ෆාස්ට්  ගොසිප් – කොළඹ) – මාකඳුරේ මධුෂ්ගේ ළඟම ගෝලයා වූ ඉන්දික සම්පත් කුලියට ගෙන තිබූ මොරටුව රාවතාවත්තේ පිහිටි නිවසේ සඟවා තිබූ සිම්කාඩි තොගය පිළිබඳව කරගෙන යනු ලබන විමර්ශනවලදී මධුෂ් ඇතුළු ඔහුගේ හිතවතුන් සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන ගිය විවිධ තරාතිරමේ පුද්ගලයන් රාශියකගේ තොරතුරු දැන් අනාවරණය වෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම පුද්ගලයන් පිරිසගේ සුලමුල ඉදිරි දින කීපය තුළ හෙළි කෙරෙන බවද එම ආරංචි මාර්ග කියයි.
මේ අතර මධුෂ්ගේ ගෝලයා වූ ඉන්දික සම්පත් ඇසුරු කළ පුස්තකාල සහායකවරිය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් මධුෂ්ට අයත් මුදල් සහ තවත් වැදගත් තොරතුරු රැසක් ඇයගෙන් හෙළි විය හැකි බව ද පොලිසිය කියයි.