ඔස්ට්‍රේලියාවට එරෙහි සැලසුම පුහුණූ තරඟයට පෙර චන්දිමාල් කියයි..

ඔස්ට්‍රේලියාවට එරෙහි සැලසුම පුහුණූ තරඟයට පෙර චන්දිමාල් කියයි..

ඔස්ටේලියාව සමඟ ටෙස්ට් තරඟමලාවේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ප්‍රභල දායකත්වයක් අපේක්ෂා කරන බව නායක දිනේෂ් චන්දිමාල් ඔස්ට්‍රේලියාවේදී හෙට (17) ආරම්භ විමට නියමීත තුන් දින පුහුණූ තරඟයට පෙරාතුව අද (16) පැවැත්වුණූ මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළේය.

පිතිකරණයෙන් හෝ පන්දු යැවීමෙන් ටෙස්ට් තරඟයකදී සාර්ථක ආරම්භයක් ලබා ගැනීම තරඟ ප්‍රතිඵලයට දැඩිව බලපාන බවත් එබැවින් පළමු ඉනිම ක්‍රීඩා කරන අවස්ථාවලදී සිය පිතිකරුවන්ගෙන් ලකුණු 300 ක පමණ දායකත්වයක් අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය.

එවැනි පසුබිමකදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කණ්ඩායම වෙනුවෙන් වැඩි කාර්යභාරයක් ඉටු කළ හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියා කණ්ඩායම ඉතා ප්‍රභල බවත් ඔවුන්ගේ රටේදී විදේශීය කණ්ඩායමකට ටෙස්ට් තරඟමාලාවක් ජය ගැනීම පහසු කටයුත්තක් නොවන බවත් දිනේෂ් චන්දිමාල් වැඩි දුරටත් සඳහන් කළේය.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරඟමාලාව ලබන 24 වැනිදා ආරම්භ විමට නියමීතය.