වාර්තාවක්ද සමගින් ශ්‍රී ලංකාව පළමු තරගය ජය ගනියි..

වාර්තාවක්ද සමගින් ශ්‍රී ලංකාව පළමු තරගය ජය ගනියි..

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 278 ක ජයග්‍රහණයක් වාර්තා කිරිමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනිමට ශ්‍රී ලංකාව සමත් විය.
ජයග්‍රහණය සඳහා අප්‍රිකා කණ්ඩායමට ලකුණු 352 ක ඉලක්කයක් හිමී වු අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවිම හමුවේ ලකුණු 73 කට සියළු කඩුලු දැවි ගියේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමෙන් දිල්රුවන් පෙරේරා කඩුලු 06 ක් හා රංගන හේරත් කඩුලු 03 ක් දවා ගත්හ.
එසේම අප්‍රිකා කණ්ඩායමක් ඉනිමකදි දැවි ගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙය (73) ලෙස වාර්තා පොත් අතර ලියැවෙන අතර මින් පෙර ඉන්දියාව සමග 2015 පැවති තරගයකදි දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 79 කට දැවි ⁣ගොස් තිබේ.

ශ්‍රී ලංකා පළමු ඉනිම – 10/287

දකුණු අප්‍රිකා පළමු ඉනිම – 10/126

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම – 10/190

De සිල්වා