ජනාධිපති මෛත්‍රිගේ ධුර කාලය ගැන සලකා බැලීමට විනිසුරු මඩුල්ල රැස්වෙති..
තමාට වසර 06 ක් ඉදිරියට ජනාධිපති ධුරය දැරීමට යම් බාධාවක් තිබේදැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යොමුකළ ප්‍රශ්නය ගැන සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අද (11 වැනිදා) රැස්‌වෙයි.
ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, කේ. ටී. චිත්‍රසිරි සහ සිසිර ද ආබෲ යන මහත්ම මහත්මීන් අගවිනිසුරුවරයාට අමතරව විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයෝ වෙති.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ රෙගුලාසිවලට අනුව එම ප්‍රශ්නය පිළිබඳව සලකා බලා ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනවාරි 14 දාට හෝ ඊට පෙර තමා වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අගවිනිසුරුවරයාට ලිපියක් යොමුකර තිබුණි.
පංච පුද්ගල විනිසුරු මඬුල්ල අද (11) පෙරවරුවේ රැස්‌වී එකී ප්‍රශ්නය ගැන සලකා බලන බව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගෙන් ලැබුණු උපදෙස් අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්‌ට්‍රාර් මහේෂි ජයසේකර මහත්මිය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සහ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනපතිවරයාගේ ධුර කාලය වසර පහකට සීමා වන නමුත්, තමා ජනපති ලෙස 2015 වසරේ ජනවාරි 09 දා පත්වූයේ ව්‍යවස්ථාවේ 32(01) වගන්තිය යටතේ බවත් එතැන් පටන් තමන්ට වසර හයක් ජනපති ධුරයේ කටයුතු කළ හැකිදැයි ජනාධිපති වරයා මෙමගින් පැහැදිලි කර ගැනීමට අපේක්ෂා කෙරේ.
DE සිල්වා