Jul 17, 2017 ෆාස්ට් ගොසිප් Comments Off on ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් හදාගෙන ලාංකිකයෙක් කළ දෙයක්..
ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් උපයෝගී කර ගනිමින් අන්තර් ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ නිරත වූ ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු තිදෙනෙකු ඉන්දිය මධ්‍යම අපරාධ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බැංගලෝර් නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඩෙකෑන් හෙරල්ඩ් වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ දිව්යාන් නමැති ශ්‍රී ලාංකිකයෙක් වන අතර මොහු යාපනය ප්‍රදේශයේ පදිංචිව සිට මීට වසරකට පමණ පෙර සරණාගතයෙකු ලෙස ඉන්දියාවට ගිය අයෙකි.
සැකකාර ශ්‍රී ලාංකිකයා තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු සමඟ එක්ව විවිධ පුද්ගලයින්ගේ ක්‍රෙඩිට් කාඩ්පත්වල තොරතුරු ලබාගෙන ව්‍යාජ කාඩ්පත් සකස් කර ඒවා මාර්ගයෙන් අන්තර්ජාල මිලදී ගැනීම් සිදුකර ඇති බව ඉන්දීය මධ්‍යම අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ ලාංකිකයා සහ අනෙක් සැකකරුවන් සතුව තිබූ එලෙස සකස් කරන ලද ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් 144ක් ද සොයාගෙන ඇති අතර ඊට අමතරව එම ව්‍යාජ කාඩ්පත් බෙදාගනිමින් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගන්නා ලද ඉන්දීය රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුතු රූපවාහිනි යන්ත්‍ර තුනක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති බව ඩෙකෑන් හෙලරඩ් පුවත්පත් වාර්තාවේ සඳහන්ව ඇත.
Apr 20, 2018 0 524 Views
සංශෝධිත දුම්රිය ගාස්තු පිළිබඳව අවසන් වාර්තාව අද (20) දිනයේ ප්‍රවාහන අමාත්‍යංශයට භාර දීම සිදු කරන බව බව දුම්රිය...Apr 20, 2018 0 353 Views
මහ බැංකු බැඳුම්කර සිදුවීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ජාත්‍යන්තර පොලීසිය රතු වරෙන්තු...